Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මෙරට කාන්තාවන්ට වැටුප් ගෙවීමේදී සිදුවන අසාධාරණයක් සම්බන්ධයෙන් පර්යේෂණ වාර්තාවකින් හෙළි වෙයි

9 months ago 1.6 K

ශ්‍රී ලංකාවේ කාන්තාවක් පැයකට උපයන වැටුප එම කාර්යයේම නිරතවන පුරුෂයකු උපයන වැටුපට සාපේක්ෂව සියයට 27 කින් අඩු බව ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය පිළිබඳ ජාත්‍යන්තර කම්කරු සංවිධානය නිකුත් කළ නවතම පර්යේෂණ වාර්තාවේ දැක්වේ.

ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය සියයට 20 ක් වන ගෝලීය සාමාන්‍යයට වඩා වැඩි බවත් පහළ මැදි ආදායම් ලබන රටවල සාමාන්‍යයට වඩාද මෙරට ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය ඉහළ බවත් එම වාර්තාවේ සඳහන් වේ.

අවිධිමත් ආර්ථික ක්ෂේත්‍රයේ රැකියාවේ නියුතු කාන්තාවන්ට සහ අඩු අධ්‍යාපන සුදුසුකම් සහිත කාන්තාවන්ට ගෙවන වැටුප් සලකන විට එම ක්ෂේත්‍රයේ රැකියාවේ නියුතු පුරුෂයන්ට වඩා කාන්තාවන්ට ගෙවන වැටුප් ඉතාමත් පහළ මට්ටමක පවතින බව එම වාර්තාවේ දැක්වේ.

මෙරට ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය පිළිබඳ මතුවන බොහෝ කරුණු පිළිබඳව පැහැදිලි කිරීමක් ලබාදීම අපහසු බවද එම වාර්තාවේ සඳහන් වේ.

නමුත් පුරුෂයන්ට වඩා ඉහළ වැටුපක් කාන්තාවන්ට ලැබිය යුතු අවස්ථා තිබෙන බව පර්යේෂණයේදී හෙළි වූ යැයි ජාත්‍යන්තර කම්කරු සංවිධානය ප්‍රකාශ කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *