Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

තාත්තගේ ඉඩම් බෙදාගන්න අයියා මලෝ දෙදෙනා පරණ අවුරුද්දේ මරා ගනී! අයියාගේ අතින් මල්ලී අවසන් ගමන් යයි!

9 months ago 3.2 K

ඉඩම් ආරවුලක් දුරදිග ගොස් තිස්පස් හැවිරිදි වැඩි මහල් සහෝදරයා විසින් තියුණු ආයුධයකින් පහර දී තම තිස් දෙහැවිරිදි බාල සහෝදරයා ඝාතනය කර ඇතැයි ගලහ පොලිසිය පවසනවා.

මෙසේ ඝාතනය වී ඇත්තේ ගලහා නිල්ලඹ යෝගලෙච්චමී වත්තේ පදිංචි අවිවාහක තරුණයෙක්.

ඔහුගේ සොහොයුරා වන ඒසුදාසන් තිදරු පියෙකු වන අතර ඔහු කලක් බන්ධනාගාරගතව සිට නිදහස ලබා අනුරාධපුරයේ තනිව ජීවත්වෙමින් සිටි පුද්ගලයෙකි.

ඒ අතරතුර සිය පියාට අයත් ඉඩමක් සිය අවිවාහක සොහොයුරා විකුණා ඇති බවට සැළවීමත් සමග ඔහු ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ කරුණානිධිගේ නිවසට පැමිණ ආරවුලක් ඇති කරගෙන තිබේ.

ඉඩමේ ආරවුල සමග රාත්‍රී හතේ සිට මොවුන් දෙදෙනා බැනගැනීම් පහරදීම් සිදු කරගනිමින් සිට තිබෙනවා.
අවට සිටින අයවලුන්ද මෙම ආරවුල නැවතීමට උත්සාහ කළත් බීමත්ව සිටි මොවුන්ගේ ආරවුල නතර කිරීමට හැකි වී නැහැ.

රාත්‍රිය පුරා පැවති ගැටුමෙන් පසු ඊයේ අලුයම 2 පමණ සිට පැවති නිහඬතාවය සම්බන්ධයෙන් සැක සිතූ අසල්වැසියන් ඒ පිළිබඳව සෝදිසි කිරීමේදී දැක ඇත්තේ තුවාල සහිතව දෑත් ගැටගසා බිම වැටී තිබූ කරුණානිධිගේ නිසල දේහයයි.

මුගුරු, තියුණු ආයුධ, ගල් සහ වීදුරු බෝතල්වලින් පහරදී මෙම ඝාතනය සිදුකර තිබෙන බවට සාක්ෂි හමුවී ඇතැයි පැවසෙයි.

සොහොයුරාට පහරදී පළායමින් සිටි ඒසුදාසන්ව අසල්වැසියන් විසින් අල්ලා ගලහ පොලීසියට භාරදී තිබුණි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *