Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අලුත් යුද්ධයක අවදානමක්! ඉරානය ඊශ්‍රායල නෞකාවක් පැහැර ගනී! ඇමෙරිකාව ප්‍රහාරයකට සැරසෙයි!

9 months ago 4 K

සිරියාවේ ඉරාන කොන්සල් කාර්යාලයට ඊශ්‍රායලය එල්ල කළ මාරාන්තික ප්‍රහාරයට ප‍්‍රතිචාර දැක්වීමක් ලෙස ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) විසින් ඊශ්‍රායලයට අනුබද්ධ පෘතුගීසි ධජය සහිත වාණිජ නෞකාවක් වන MSC Aries සියතට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ නෞකාව ඔවුන් යටතට පත්වන අවස්ථාවේ එහි ඉන්දියන් ජාතික නාවිකයන් 17 දෙනෙකු සිට ඇති බවයි.

කැරලිකරුවන් විසින් පැහැර ගත් එම නෞකාව ඉරානය දෙසට රැගෙන යමින් පවතින බව ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම නෞකාව කැරලිකරුවන්ගේ ග්‍රහණයට ලක් වී ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වරායකින් පිටත්ව ඉන්දියාව බලා ගමන් කරමින් සිටියදීයි.

මෙම නෞකාව පැහැර ගැනීම සඳහා Mil Mi-17 වර්ගයේ හෙලිකොප්ටරයක් භාවිත කර තිබෙනවා.

ඊශ්‍රායලයට පහර නොදෙන ලෙසට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ඉරානයට අනතුරු අඟවා ඇති පසුබිමක මෙම නෞකාව පැහැර ගැනීම සුවිශේෂී සිදුවීමකි.

මීට සති දෙකකට පමණ පෙර සිරියාවේ ඉරාන කොන්සල් කාර්යාලයට ඊශ්‍රායලය එල්ල කළ බවට සැක කෙරෙන ප්‍රහාරයකින් පුද්ගලයන් 13 දෙනෙකු මියගිය අතර, ඊට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවටයි ඉරානය ප්‍රතිඥා දී තිබුණි

ඒ අනුව ඊශ්‍රායලයට ප්‍රබල ප්‍රහාරයක් ඉතා ඉක්මණින් සිදුවිය හැකි බවට ඇමරිකානු බුද්ධි අංශ විසින්ද අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *