සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත අද (15) පූර්ව භාග 10.17ට යෙදී තිබෙනවා.
සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට දිවුල් පත් ද පයට ඉඹුල් පත් ද තබා දිවුල් පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම සුදුසු බව ජෝතිෂ්‍යයේ දැක්වෙනවා.
මෙවර හිසතෙල් ගෑමේ ජාතික මහෝත්සවය වත්තල හැඳල පුරාණ රජමහා විහාරයේදී පැවැත්වෙනවා.