Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මුම්බායි පිතිකරුවන් දණ ගැස්සූ මතීෂගේ සුපිරි පන්දු යැවීම චෙන්නායි පිලට නොසිතූ ජයක් ගෙන එයි! ප්‍රබල ඉන්දියානුවන් රැසකගෙන් මතීෂට ප්‍රශංසා!

10 months ago 5.5 K

IPL තරඟාවලියේ මුම්බායි ඉන්දියන්ස් හා චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම අතර ඊයේ(14) පැවති තරඟයෙන් ලකුණු 20ක ජයක් වාර්තා කරගැනීමට චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම සමත්වුණා.

තරඟයේ පලමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 206ක් ලබාගැනීමට සමත් වූ අතර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ රුටුරාජ් ගයික්වාඩ් පන්දු 40කදී ලකුණු 69 හා Shivam Dube පන්දු 38කදී නොදැවී ලකුණු 66ක් ලබා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 186ක් පමණි.

මුම්බායි ඉනිම වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රිඩා කළ රෝහිට් ශර්මා පන්දු 63කදී හතරේ පහර 11ක් හා හයේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 105ක් ලබාගැනීමට සමත් වුණා.

චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ මතීෂ පතිරණ පන්දුවාර 4 අවසානයේදී ලකුණු 28කට කඩුලු 4ක් බිඳ දැමීමට සමත් වූ අතර ඔහු තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

තරගයෙන් අනතුරුව අදහස් දැක් වූ චෙන්නායි කණ්ඩායමේ නායක රුටුරාජ් ගයික්වාඩ් මෙන්ම මුම්බායි කණ්ඩායමේ හර්දික් පාන්ඩ්‍යාද සඳහන් කළේ තරගයේ ජයග්‍රහණය තීරණය කළ තීරණාත්මක සාධකය බවට මතීෂ පතිරණ පත් වූ බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *