Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දරුවන් අතර පැතිර යන රෝගී තත්වයන් ගැන සෞඛ්‍ය අංශවලින් විශේෂ දැනුම් දීමක්

1 month ago 11.8 K

උත්සව සමයේ පාචනය සහ අතීසාරය වැනි රෝග පැතිරයාමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතු බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

මෙම තත්වය මඟහරවා ගැනීමටනම් දරුවන් පිරිසිදු ආහාර සහ ජලය භාවිතයට පුරුදු විය යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

වෛද්‍යවරයා දැක් වූ අදහස් පහතින්.
“හැම අවුරුද්දකටම පසුකාලීනව අපි දකින තත්ත්වයක් තමයි පාචන තත්ත්වය වැඩිවීමක්. ඇත්තටම උණ සන්නිපාතය තියෙන රෝගීන් කිහිප දෙනෙකුත් වාර්තා වෙලා තියෙනවා. උණ සන්නිපාතය, පාචනය, අතීසාරය වැනි රෝගී තත්ත්වයන් වැඩිවෙන්න ඉඩකඩ ඉතාමත් වැඩියි. මොකද අපේ දරුවෝ දකින දකින තැනින් කෑම බීම ගන්නවා. ඊට අමතරව අපි නෑදෑ ගෙවල්වල යනවා. දුර ගමන් යනවා. විනෝද ගමන් යනවා. නිවාඩු නිසා. ඒ යද්දි කඩවල්වල සෞඛ්‍ය සම්පන්න නැතුව ආහාර විකුණන්න තිබ්බොත් ඒවා ආහාරයට ගන්න ළමයි හැම නිවාඩු කාලෙකටම පස්සේ රෝහල් ගත වෙනවා පාචනය වැනි රෝගී තත්ත්වයන් නිසා. ඒ නිසා අපි මේ දවස් වල ප්‍රවේසම් වෙන්න ඕනි.

ඒ වගේම මැස්සන්ගෙ වර්ධනයකුත් මේ දවස්වල අපිට දැක ගන්න පුළුවන්. මැස්සන් නිසාත් අපට උණ සන්නිපාතය, පාචනය, අතීසාරය වැනි රෝගවල වර්ධනයක් දැක ගන්න පුළුවන්.”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *