වෙළෙඳපොලේ කුකුළු මස් මිල අත්තනෝමතික ලෙස ඉහළ නංවා ඇති බවට පාරිභෝගිකයන් චෝදනා කරනවා.
මේ වන විට කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 1,500 ක මිලකට ඉහළ ගොස් තිබෙනවා.
නමුත් මීට දින කිහිපයකට පෙර කුකුළු මස් කිලෝග්‍රෑමයක් අලෙවි වූයේ රුපියල් 1,100 ක මිලකටයි.
ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර පවසන්නේ ඉදිරි දිනවල ඉහළ ගොස් ඇති කුකුළු මස් මිල හා බිත්තර මිල යළි පහළ යනු ඇති බවයි.