Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කෝටි 700ක වස්තුව මිනිසුන්ට බෙදා දී ව්‍යාපාරික යුවළක් මහණ වෙන්න සැරසෙයි! 19 හැවිරිදි දියණිය හා 16 හැවිරිදි පුත්‍රයාත් පැවිදි දිවියට පිවිසිලා!

1 month ago 13.4 K

පැවිදි දිවියට එළැඹිම සඳහා සිය ධනය මුළුමනින්ම පරිත්‍යාග කළ යුවළක් පිළිබඳව පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉන්දියාවේ ගුජරාත්‍ ප්‍රාන්තයේ ව්‍යාපාරික යුවළක් වන භාවේෂ් භාණ්ඩාරි සහ ඔහුගේ බිරිඳ පැවිදි දිවියට එළඹීම සඳහා ඉන්දීය රුපියල් කෝටි දෙසීයක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 700 ක් පමණ) පමණ දේපළ දන් දී තිබේ.

ජෛන ආගම අදහන යුවළක් වන මොවුන් පසුගිය පෙබරවාරි මාසයේදී මෙලෙස සිය ධනය පරිත්‍යාග කර ඇති අතර අප්‍රේල් මාසය අවසානයේ පැවිදි දිවියට එළැඹීමට නියමිත බවට වාර්තා වෙයි.

2022 වර්ෂයේදී ඔවුන්ගේ 19 හැවිරිදි දියණිය සහ 16 හැවිරිදි පුත්‍රයාද මෙලෙස පැවිදි දිවියට එළැඹ තිබීම විශේෂත්වයකි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *