ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි මෙරට සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.
උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය අප්‍රේල් 24 වැනිදා නිල වශයෙන් ජනතා අයිතියට පත් කිරීමට සුදානම් කර ඇති අතර එය විවෘත කිරීමේ උත්සවය සඳහා සහභාගී වීමට ඉරාන ජනපති මෙරටට පැමිණීමට නියමිතයි.
2011 වර්ෂයේදී, උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය ඉරානයේ අපනයන සංවර්ධන බැංකුවේ ණය ආධාර මත ආරම්භ කරනු ලැබුවා.
එහෙත් පසුව ඉරානයට බලපෑ සම්බාධක හේතුවෙන් ඇස්තමේන්තුගත ඇමරිකානු ඩොලර් මිලියන 514ක ලබාදීමට හැකි වුණේ ඇමරිකානු ඩොලර් මිලියන 50 ක පළමු වාරිකය පමණයි.
පසුව ව්‍යාපෘතියේ කටයුතු මහා භාණ්ඩාගාරයේ ප්‍රතිපාදන මත සිදු කෙරුණා.
මෙම ව්‍යාපෘතිය හරහා දෛනිකව රුපියල් මිලියන 80-100ත් අතර වටිනාකමින් යුත් ජල විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කෙරෙන බවද සඳහන්.