පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සඳහා ලබාදුන් රුපියල් කෝටි 2ක් පමණ වටිනා තීරුබදු රහිත වාහන බලපත්ර නැවත ලබා දෙන්නැයි ඉල්ලා ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්රීවරු පිරිසක් කතානායකවරයාගෙන් සහ ආණ්ඩුවේ ප්රධානීන්ගෙන් නැවත නැවත ඉල්ලීම් කරන බව වාර්තා වෙනවා.
පෙර බලපත්රය සමාන එකක් නොහැකි නම් එයට වඩා අඩු වටිනාකමකින් යුත් වාහනයක් හෝ ලබා ගැනීමට බලපත්රයක් නිකුත් කරන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.
මේ අනුව මෙම ගැටළුව පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේදී ඉදිරි දිනවලදී සාකච්ඡා කිරීමට මන්ත්රීවරු පිරිසක් බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තාවේ.
ඉදිරි මැතිවරණවලදී දේශපාලන කටයුතු කිරීමට වාහනයක් නොමැතිවීම ලොකු ගැටළුවක් බව ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්රීවරුන් රැසක් පාර්ලිමේන්තු ප්රධානීන්ට දැනුම්දී ඇත. (source – divaina)