විස්සයි විස්ස ලෝක කුසාලනයට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ මූලික සංචිතය නම් කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.
ඒ සඳහා ක්‍රීඩකයින් 32 දෙනෙකු ඇතුළත් කර ඇති බව සඳහන්.
ඔවුන් අලුත් අවුරුදු නිවාඩුවෙන් අනතුරුව සිය පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීමට නියමිත බවයි ශ්‍ර්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.
ඒ අනුව භානුක රාජපක්ෂ, පා දඟ පන්දු යවන යොවුන් ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත් සහ පළපුරුදු තුන් ඉරියව් ක්‍රීඩක ළහිරු මධුශංක ඊට ඇතුළත් කර ඇති බව සඳහන්.
විජයකාන්ත් වියස්කාන්ත් මේ වනවිට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රභාද් කණ්ඩායම නියෝජනය කරනු ලබනවා.
ඒ, ආබාධයකට ලක්ව ඇති වනිඳු හසරංගගේ ආදේශකයක් ලෙසයි.
මූලික සංචිතයට ඇතුළත් කර ඇති ක්‍රීඩකයින් දේශීය විස්සයි විස්ස තරග සඳහා ක්‍රීඩා කරනු ඇති.
එහි දී පෙන්නුම් කරන දක්ෂතා මත බටහිර ඉන්දිය කොදෙව් සහ අමෙරිකාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන අවසන් සංචිතය නම් කිරීමට නියමිත බව සඳහන්.
32 දෙනෙකුගෙන් යුත් මූලික විස්සයි විස්ස සංචිතය පහතින්
වනිඳු හසරංග (නායක), චරිත් අසලංක (උප නායක), කුසල් මෙන්ඩිස්, පැතුම් නිශ්ශංක, සධීර සමරවික්‍රම, ඇන්ජලෝ මැතිව්ස්, කමිඳු මෙන්ඩිස්, දසුන් ශානක, චාමික කරුණාරත්න, ජනිත් ලියනගේ, අවිශ්ක ප්‍රනාන්දු, ලසිත් කෘස්පුල්ලේ, දිනේෂ් චන්දිමාල්, සහන් ආරච්චිගේ, නිරෝෂන් දික්වැල්ල, කුසල් ජනිත් පෙරේරා, භානුක රාජපක්ෂ, ධනංජය ද සිල්වා, අකිල ධනංජය, දුනිත් වෙල්ලාලගේ, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මධුශංක, අසිත ප්‍රනාන්දු, ප්‍රමෝද් මධුෂාන්, මහේෂ් තීක්ෂණ, මතීෂ පතිරණ, ළහිරු කුමාර, ළහිරු මධුශංක,නුවන් තුෂාර,බිනුර ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩර්සේ, විජයකාන්ත් වියස්කාන්ත්.