Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ලිස්සන ගසක් කඩා වැටී 4ක් රෝහලේ

1 month ago 4 K

ගම්පොළ, ගම්පලවෙල, රජඇළගම ප්‍රදේශයේ ඊයේ (15) පැවැති අවුරුදු උත්සවයක ග්‍රීස් ගස කඩාවැටීමෙන් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසනවා.

මෙම අවුරුදු උත්සවයට අවට ගම්වාසීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටි අතර, ඒ සඳහා තරුණයන් පස් දෙනක් ඉදිරිපත්ව සිටියා.

ග්‍රීස් ගස සඳහා රුපියල් 15,000ක තෑග්ගක් සංවිධායක මණ්ඩලය විසින් වෙන් කර තිබූ බවයි සදහන් වන්නේ.

මෙම කණ්ඩායම දිරි ගන්වමින් අවුරුදු උත්සවය සඳහා සහභාගී වී සිටි පිරිස් ද එකතු කරගත් තවත් රුපියල් 7,000ක මුදලක් ද එයට එක් කර තිබුණා.

පැය ගණනක උත්සාහයකින් පසු එකිනෙකාගේ කණුව උඩ ගැටගසා තිබූ කොඩි ලීය ගැනීමට සූදානම් වීමත් සමග ග්‍රීස් ගස මුලින්ම කැඩී බිමට වැටී තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *