වර්ධනය වෙමින් පවතින මැදපෙරදිග යුද උණුසුම සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඇමරිකානු ඩොලර් 100 දක්වා ඉහළ යනු ඇති බවට විශ්ලේෂකයන් මත පළ කරනවා.
ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධියේ ඉන්ධන ප්‍රවාහන නෞකා ගමනාගමනයට බාධා කළහොත් එය තවත් ගැටලු සහගත වනු ඇති බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ.
ඊශ්‍රායලය සහ ඉරානය අතර, උණුසුම තවමත් පහළ ගොස් නැහැ.
ලොව දෛනික ඉන්ධන පරිභෝජනයෙන් 5න් 1ක් මැද පෙරදිග අපනයනකරුවන්ගෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය කෙරෙනවා.
මේවන විට ලෝක වෙළදපොළේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 90 මට්ටමේ පවතින අතර, හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමුවහොත් බොරතෙල් ඩැරලයක් ඩොලර් 130 දක්වා ඉහළ යාමේ අවධානමක්ද පවතින බව ආර්ථික විශ්ලේෂකයන් ප්‍රකාශ කරනවා.