Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

LPL තරගාවලියේ කණ්ඩායමක හිමිකාරිත්වය වෙනස්වෙයි! කණ්ඩායමේ හිමිකාරිත්වය බංගලාදේශයට!

4 weeks ago 3.2 K

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන දඹුල්ල කණ්ඩායමේ නව හිමිකරුවන් මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එම කණ්ඩායමේ හිමිකාරීත්වය ලබා ගෙන ඇත්තේ බංගලාදේශ ව්‍යවසායකයින් වන තමිම් රහ්මාන් සහ ගොලම් රකිබ්ගේ ඉම්පීරියල් ස්පෝර්ට්ස් සමූහය විසින්.

ඒ අනුව මෙවර ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන දඹුල්ල කණ්ඩායමේ නම දඹුල්ල ‍තණ්ඩර්ස් ලෙස වෙනස් වනු ඇති.

මේ සඳහා වන ගිවිසුමක් ද අත්සන් කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. ද

දක්ෂතාවය සහ ක්‍රීඩාශීලිත්වය විදහා දක්වන කණ්ඩායමක් ගොඩනැගීමෙන් ලොව පුරා ක්‍රිකට් ලෝලීන්ගේ ආකර්ෂණය දිනා ගැනීම නව හිමිකරුවන්ගේ අරමුණ වනවා.

දඹුල්ල තණ්ඩර්ස් කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින්ගේ විස්තර ඉදිරියේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය මෙම වසරේ ජූලි මස පළමුවැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *