විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී ‘මෛත්‍රී මාසය’ යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
මේ අතර උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාගවන් මහතා පවසන්නේ විශ්ව විද්‍යාලවල නවක වදය සියයට 85කින් පමණ අඩු වී ඇති බවයි.
ඔහු සඳහන් කරන්නේ නවක වදය සම්බන්ධ දඬුවම් වැඩි කිරීමෙන් සහ දැනුවත් කිරීම් වැඩි කිරීමෙන් මෙම ප්‍රතිඵලය අත් වූ බවයි.