Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සංවර්ධන නිළධාරිනියක් ළිඳකට වැටී මිය යයි

4 weeks ago 5.4 K

යාපනය, මාදගල්, සකාය පුරම් ප්‍රදේශයේදී සංවර්ධන නිලධාරිනියක් ළිඳකට වැටී ගිලීමෙන් මියගොස් ඇතැයි තෙලිප්පලෙයි පොලිසිය පවසනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇත්තේ 37 හැවිරිදි දෙදරු මවකි.

මෙම නිලධාරිනිය තම ගෙවත්තේ පිහිටි ළිඳෙන් ජලය ලබා ගැනීමට උත්සාහ ගත් අවස්ථාවේදී වලිප්පු රෝගය වැළඳීම හේතුවෙන් ඇය ළිඳ තුලට වැටී දියේ ගිලී ඇති බවට සැක පළ කරන බවයි පොලිසිය සඳහන් කළේ

ඒ මියගිය කාන්තාව දීර්ඝ කාලයක සිට වලිප්පු රෝගයෙන් පෙලී සිට ඇති බවට පවුලේ ඥාතීන් විසින් පොලිසියට සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙය ස්වාභාවික මරණයක්ද, නැතිනම් ඝාතනයක්ද යන්න සම්බන්ධයෙන් පොලිස් විමර්ශන සිදු කරන බවයි පොලිසිය සඳහන් කළේ.

ඇය වලිකාමම් නිරිත දිග ප්‍රාදේශීය සභාවේ සංවර්ධන නිලධාරිනියක් ලෙස සේවය කොට තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *