ජර්මනියේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු වන පසිඳු ජයවීර හොලිවුඩයේ පැවති WSO2 කෝඩ් චැලේන්ජ් හි ජයග්‍රාහකයා බවට පත්ව තිබේ.
ඔහුට ත්‍යාගය ලෙස රුපියල් මිලියන සිය ගණනක් වටිනා ටෙස්ලා සයිබර් ට්‍රක් රථය පිරි නමා ඇති බව වාර්තා වේ.
WSO2 කෝඩ් චැලේන්ජ් අංගය පසුගිය මැයි 7 වන දා සිට ඊයේ එනම් 9 දක්වා හොලිවුඩයේ, දකුණු ෆ්ලොරිඩා හි සෙමිනොලේ හාඩ් රොක් හෝටලය හි දී පැවැත්විණි.
WSO2 යනු විවෘත මූලාශ්‍ර යෙදුම්, වැඩසටහන් අතුරුමුහුණත් (API) කළමනාකරණ මෘදුකාංග අලෙවි කරන මිඩ්ල්වෙයාර් සමාගමකි.