දශක දෙකකින් පසු පෘථිවියට බලපෑම් එල්ල කළ දැවැන්ත සූර්ය කුණාටුවක් හේතුවෙන් අවුරෝරා බොරයාලිස් එනම් උතුරු එළි සංසිද්ධිය දැකගැනීමේ අවස්ථාව පෘථිවියේ උතුරු කලාපීය රටවල ජනතාවට හිමිවිය.
ඒ අනුව යුරෝපා රටවල අහස රෝස සහ කොළ පැහැයෙන් වර්ණවත් වී තිබුණි.
මෙම භූ චුම්භක කුණාටුව දැන් “ආන්තික” හෝ 5 න් 5 මට්ටමේ පවතින බවයි අභ්‍යවකාශ කාලගුණ අනාවැකි මධ්‍යස්ථානය පවසන්නේ.
කෙසේ වෙතත් භූ චුම්භක කුණාටුවේ බලපෑමෙන් චන්ද්‍රිකා සහ අධි-සංඛ්‍යාත ගුවන්විදුලි සන්නිවේදනයටද බලපෑම් ඇති කළ හැකියි.
ඒ අතරට විදුලි බිඳවැටීම්, ජංගම දුරකථන ජාල බිඳවැටීම්, රේඩියෝ සංඥා බිඳවැටීම්, චන්ද්‍රිකා ක්ෂයවීම් වැනි ආපදා අයත් වෙයි.
මෙමගින් ඇතිවන බලපෑම අවම කරගැනීම සඳහා නිළධාරීන් කටයුතු කරමින් පවතින බවයි වාර්තා වන්නේ.
අවසන්වරට මෙවැනි සූර්ය කුණාටුවකින් පෘථිවියට බලපෑම් එල්ල වී ඇත්තේ 2003 වසරේ ඔක්තෝබර් මාසයේදීය.
![](https://www.todaynewslk.com/wp-content/uploads/2024/05/1000052478.webp)
![](https://www.todaynewslk.com/wp-content/uploads/2024/05/1000052476.webp)
![](https://www.todaynewslk.com/wp-content/uploads/2024/05/1000052475.webp)
![](https://www.todaynewslk.com/wp-content/uploads/2024/05/1000052477.webp)