මේවන විට සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන් සඳහා නව උසස් පෙළ පන්ති ආරම්භය ලබන මස 05 වැනිදා සිදුකිරීමට සැලසුම් කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිපල නිකුත් වීමට පෙර උසස් පෙළ පන්ති ආරම්භ කරන බවයි.
ඊට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අනුමැතිය සඳහා යොමු කර ඇතැයිද, අමාත්‍යාංශය සඳහන් කළේ ය.
අමාත්‍යාශය පැවසුවේ, නව වැඩපිළිවෙළට පළාත් ආණ්ඩුකාරවරුන් ඇතුළු අධ්‍යාපන බලධාරීන්ගේ එකඟත්වය ද ලැබී ඇති බවයි.
ඒ අනුව, සාමාන්‍ය පෙළ දක්වා පමණක් පන්ති පැවැත්වෙන පාසල්වල සිසුන් ආසන්නතම පාසල් වෙත උසස් පෙළ වෙනුවෙන් යොමු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.
අමාත්‍යාංශය සඳහන් කළේ, උසස් පෙළ පන්ති පැවැත්වෙන නමුත්, යම් විෂය ධාරාවක් එම පාසලේ ඉගැන්වීම් සිදුනොවන්නේ නම්, අදාළ විෂය ධාරාව සහිත පාසලකට සිසුන් යොමු කිරීමට සැලසුම් කර ඇති බවයි.