ලෝක මව්වරුන්ගේ දිනයට සමගාමීව මාතෘ සහේළි නමින් නව වැඩසටහනක් හඳුන්වාදීම කළුබෝවිල ශික්ෂණ රෝහලේදී සිදුකෙරුණා.
සාමාන්‍ය දරු ප්‍රසූතියකදී ගර්භණී මවගේ සහයට කාන්තා ප්‍රසූති සහයිකාවකට ඇය අසල රැඳී සිටීමට අවශ්‍ය පහසුකම් සැලසීම මෙහි අරමුණයි.
ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද සංගමයේ සංකල්පයක් මත සෞඛ්‍ය අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ මාතෘ සහේළි වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා.
සාමාන්‍ය දරු ප්‍රසූතියකදී ගර්භණී මවකගේ සහයට කාන්තා ප්‍රසූති සහයිකාවකට ඇය අසල රැඳී සිටීමට අවශ්‍ය පහසුකම් සැලසීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.
මේ වන විට කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේද, දරු ප්‍රසූතිය සිදු කරන කාන්තාවගේ සැමියාට ඇය අසල රැඳී සිටීමේ අවස්ථාව උදාකර දී තිබෙනවා.