මැයි රැළියට තම මාමණ්ඩිය රැගෙන යාම පිළිබඳව උරණ වූ පුද්ගලයෙකු බුලත්සිංහල සමගි ජන බලවේගය පළාත් පාලන අපේක්ෂකයකුට පහර දී තිබේ.
මෙම පාර කෑමට ලක් වූ පුද්ගලයා පසුගිය මැයි පළමු වනදා තම ඥාති වැඩිහිටියෙකුද මැයි දින පෙළපාලියට රැගෙන ගොස් තිබිණි.
ඒ පිළිබඳව කුපිත වූ එම වැඩිහිටි පුද්ගලයාගේ බෑණා එම වැඩිහිටියාව නිවසින්ද පන්නා දමා සජබ අපේක්ෂකයාගේ නිවසට පැමිණ තර්ජනය කර පහරදීමක් සිදු කර තිබෙනවා.
පහර කෑමට ලක් වූ පුද්ගලයා ඒ පිළිබඳව පොලිසියටද පැමිණිලි කර රෝහල්ගත වී ඇති බවයි වාර්තා වන්නේ.
ඔහු චෝදනා කරන්නේ තමාට පහර දුන් පුද්ගලයා ජාතික ජන බලවේගයේ ආධාරකරුවෙකු බවයි.
පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.(aruna)