හිටපු හමුදාපති මෙන්ම හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සමගි ජන බලවේගයට එක්වී තිබේ.
එසේ සමගි ජන බලවේගය හා එක්වීමෙන් අනතුරුව සමගි රණවිරු බලවේගයේ ප්‍රධානියා ලෙස ඔහුව පත්කර ඇත.
ජෙනරාල් මහේෂ් සේනානායක සිය මූලික අධ්‍යාපනය කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ලබා ගැනීමෙන් පසුව ඇමරිකා එක්සත් ජනපදයේ හමුදා අණ හා මාණ්ඩලික විද්‍යාලයෙන් සිවිල් ඉංජිනේරු විද්‍යා උපාධියත් ජවහර්ලාල් නේරු විශ්ව විද්‍යාලයෙන් තවත් උපාධියකුත් ලබා ගෙන තිබෙනවා.
1981 ඔක්තෝබර් 16 වැනි දින මහේෂ් සේනානායක16 වැනි ශිෂ්‍යභට නිලධාරින් බඳවා ගැනීම දිගු පාඨමාලාව හරහා ශ්‍රී ලංකා හමුදාවට බැදී ඇති බවද සඳහන්.
දශක තුන සිවිල් යුද්ධයේ ප්‍රධාන අදියර හතරේම ප්‍රවීණයෙකු වන ඔහු එහි උතුරු හා නැගෙනහිර පලාත් දෙකෙහිම සේවය කර ඇති අත්දැකීම් බහුල හමුදා නිලධාරියෙක්.
ජෙනරාල් මහේෂ් සේනානායක 2017 මාර්තු 22 වැනි දින යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කරන ලද අතර, පසුව 2017 ජූලි 4 වැනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නියෝගයෙන් ලුතිනන් ජෙනරාල් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හමුදාපති ලෙස උසස් කර තිබෙනවා.
2019 අගෝස්තු 21 වැනි දින ඔහු ජෙනරාල් නිලයට උසස් වීමෙන් පසු හමුදාවෙන් විශ්‍රාම ගොස් ඇති බවද සඳහන්.