විදුලි බිල අඩු කිරීම සම්බන්ධයෙන් වන යෝජනා භාරදීම සඳහා අද (17) දක්වා කාලය ලබාදෙන ලෙස විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
එම යෝජනා මැයි මස 1 වැනිදා කොමිසමට ලබාදීමට නියමිතව තිබුණද, විදුලිබල මණ්ඩලයේ ඉල්ලීමක් මත එම කාලය පසුගිය 10 වැනිදා දක්වා දීර්ඝ කිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව කටයුතු කළා.
කෙසේ වෙතත් පසුගිය 10 වෙනිදා ද ලංකා විදුලිබල මණ්ඩලය අදාළ යෝජනා කොමිසමට ඉදිරිපත් නොකළ බවයි එහි සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා කියා සිටියේ.
කොමිසම යෝජනා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයට යළි සිහිකැඳවීමක්ද කර තිබුණා.
ඒ පිළිබඳ වන යෝජනා ලැබීමෙන් පසු විදුලි බිල අඩු කිරීම සඳහා ක්‍රියාදාමය ආරම්භ කිරීමට නියමිත බවයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කළේ.
ඒ අනුව විදුලිය බිල අඩු කිරීමේ ප්‍රතිශතය ලබන ජුලි මාසයේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.