ජංගම දුරකථනයට ඇබ්බැහිවීම හරහා ඇතැම් සිසුන් තම අධ්‍යයන කටයුතු කඩාකප්පල් කරගන්නා බවට අනාවරණය වී තිබෙනවා.
එමෙන්ම ඇතැම් සරසවි සිසුන් පවා ජංගම දුරකථන යන්ට ඇබ්බැහිවීම හරහා තම විශ්වවිද්‍යාලයීය අධ්‍යයන කටයුතු පවා අතරමඟ නතර කර ඇති බවටයි වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ.
එම නිසා දරුවන් ජංගම දුරකථන භාවිතය සම්බන්ධයෙන් මව්පියන් වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය දේවිකා යසාංජලි ජයතිලක මහත්මිය සඳහන් කළේ.
ජංගම දුරකථනය ලබාදීම වෙනුවට සිදුකළ යුත්තේ දරුවන් ක්‍රීඩා සෞන්දර්ය සඳහා සහ පරිසරය රස විඳීමට හුරුකරවීම බව ඇය වැඩිදුරටත් පැවසුවා.