Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ජනපතිගෙන් අමුතු කතාවක්

9 months ago 6.3 K

සාකච්ඡා කිරීමට සූදානම් ඕනෑම අයෙකු සමග තමන් සාකච්ඡා කිරීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඉදිරි ජනාධිපතිවරණයට තරගකරනවාදැයි මාධ්‍යවේදීන් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ජනපතිවරයා පවසා ඇත්තේ තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේදැයි යන්න පිළිබඳව සමාජයේ පවතින ප්‍රශ්නය එලෙසම තිබෙන්නට ඉඩ හරින බවයි.

ඉදිරි මාස කිහිපය තුළදී ණය ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථකව අවසන් කරගත හැකි බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

මේ වසරේදී යළිත් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීමක් සිදු නොකරන බවට පෙන්වදී තිබියදීත් ඇතැම් දේශපාලන පක්ෂ විසින් සිය වෘත්තිය සමිති මෙහෙයවමින් වැඩ වර්ජන රැල්ලක් ඇති කරමින් පවතින බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ජනාධිපති ලේකම්කාරයාලයේ ඊයේ(16) සවස පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *