Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඉදිරි පැය 36 තුළ පෙර මෝසම් කාලගුණික ලක්ෂණ බලාපොරොත්තුවන ලෙස කාලගුණයෙන් ජනතාවට දැනුම්දීමක්

10 months ago 3.2 K

ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පෙර මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අද (17) සවස් කාලයේ සිට ඉදිරි දින කිහිපයේ දී බලාපොරොත්තු විය හැකිය.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරි පැය 36 සඳහා කාලගුණ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල දවල් 12න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී 100ට වැඩි තද වැසි ඇති වේ.

දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී 30 – 40ක පමණ තද සුළං ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *