මෙවර සාමාන්‍ය පෙළ විභාගයේදී ඇතිවූ සියලු ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණදුන් සියලුම සිසු දරුවන් වෙනුවෙන් සාධාරණයක් ඉටු කිරීමට ඉදිරියේ දී කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.
2024 සාමාන්‍ය පෙළ විභාගයේ දී සිදු වූබ් විවිධ අක්‍රමිකතා සහ දෝෂ සම්බන්ධයෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා විය.
ඒ සම්බන්ධයෙන් ඇතැම් පිරිස් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවටද පැමිණිලි කර තිබිණි.
ඒ අනුව එම පැමිණිලිවලට අදාල විමර්ශන සඳහා විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ඊයේ (16) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට කැඳවා තිබුණි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් පැය තුනකට ආසන්න කාලයක් එම පැමිණිලි විභාග කර ඇති බවයි වාර්තා වන්නේ.
විභාග විමසාරිස්වරයා සඳහන් කරන්නේ සිදු වූ ඇතැම් කරුණු සඳහා විභාග ශාලාවල රාජකාරියේ නිරතව සිටි නිලධාරීන් වගකිව විය යුතු බවයි.
මේ අතර මිනුවන්ගොඩ පාසලක විභාගයට පෙනීසිටි දරුවන් 14 දෙනෙකුට භූගෝල විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ඇතැම් කොටස් ලබානොදීම සම්බන්ධයෙන් 100%ක්ම වැරදි අදාළ නිලධාරීන් බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.