ශ්‍රී ලාංකික රංගන ශිල්පිනියක සහ චිත්‍රපට නිෂ්පාදිකාවක වන ඩිනාරා පුංචිහේවා ෆෝබ්ස් සඟරාව නවවැනි වරටත් පසුගියදා ප්‍රකාශයට පත් කළ “30 අන්ඩර් 30 ඒෂියා” ලැයිස්තුවට ඇතුළුවීමට සමත් වී තිබෙනවා.
මෙම ලැයිස්තුව සඳහා විවිධ අංශ නියෝජනය කරමින් පුද්ගලයන් තුන්සිය දෙනකු නම් කර ඇත.
කාණ්ඩ 10ක් යටතේ මෙම ලැයිස්තුවට පුද්ගලයන් තෝරා ගෙන ඇත.
ඩිනාරා පුංචිහේවා මෙම ලයිස්තුවට සුදුසුකම් ලබා ඇත්තේ ක්‍රීඩා හා රසවින්දන ක්ෂ්‍රේත්‍රය යටතේයි.
ඇය චිත්‍රපට ක්ෂේත්‍රයට පිවිසියේ 2018 වසරේ නිෂ්පාදනය වූ ඇයගේම චිත්‍රපටයක් වූ ‘මාලා’ හරහායි.
ඉන් අනතුරුව ඇය ‘ගාඩි’ චිත්‍රපටය සඳහාද රංගනයෙන් දායක විය.
ඇය ලන්ඩනයෙක් ක්වීන් මේරි විශ්ව විද්‍යාලයේ උපාධිධාරණයකි.
ඇය විසින් ‘ඇක්ටර්ස්’ නමින් ආයතනයක් පවත්වාගෙන යන අතර එමගින් අඩු ආදායම්ලාභී දරුවන් හට රංගනයට පිවිසීම සඳහා අවස්ථාව සලසා දීම සිදුකරයි.