අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අවසන්ව අංපො.ස. උසස් පෙළ පන්ති ආරම්භය දක්වා මාස කිහිපයක කාල සීමාවක් පැවතීම මත සිසු සිසුවියන් හා පාසල අතර සබඳතාවයට සෘණාත්මක බලපෑමක් ඇති වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා.
එමෙන්ම මේ හරහා සිසු සිසුවියන්ට ඇ.පො.ස. උසස් පෙළ අධ්‍යාපනය නියමිත කාලයට පෙර අවසන් කිරීමට ද හැකියාවක් නොලැබී යාම ගැටලුවක් බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.
ඒ අනුව අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි සිසු සිසුවියන් සඳහා අ.පො.ස. උසස් පෙළ අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම් කර තිබෙනවා.
එය නියමු වැඩසටහනක් ලෙස මෙම වර්ෂයේ දී ක්‍රියාත්මක කරනු ලබන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව අ.පො.ස. සාමාන්‍ය පෙළ 2023 (2024) විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් සඳහා අ.පො.ස. උසස් පෙළ විෂය ධාරා ක්‍රියාත්මක වන සියලු ම පාසල්වල අ.පො.ස. උසස් පෙළ පන්ති 2024.06.04 වන දින ආරම්භ කිරීමට නියමිතයි.
ඒ පිළිබදව අධ්‍යාපන අමාත්‍යංශය විසින් චක්‍ර ලේඛයක් ද නිකුත් කර තිබෙනවා.
එම චක්‍රලේඛය සඳහා මෙතැනින් පිවිසෙන්න.