මුම්බායි ඉන්දියන්ස් හා ලක්නව් සුපර් ජයන්ට්ස් අතර ඊයේ පැවැති තරඟයේදී අඩුපන්දුවාර වේගයක් රඳවාගැනීම හේතුවෙන් මුම්බායි නායක හර්දික් පාණ්ඩ්‍යාට දඬුවම් පනවා තිබේ.
ඒ හේතුවෙන් ඔහුට ලබන වසරේ පළමු අයිපීඑල් තරඟය තහනම් වනු ඇත.
තරඟ තහනමට අමතරව පාන්ඩ්‍යාට ඉන්දීය රුපියල් ලක්ෂ 30ක දඩ මුදලක් ද නියම කර තිබෙනවා.
එමෙන්ම කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයින් සියලුම දෙනාට, ඉන්දීය රුපියල් ලක්ෂ 12 බැඟින් දඩයක් හෝ තරඟ ගාස්තුවෙන් 50%ක දඩ මුදලක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව මුම්බායි කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ නුවන් තුෂාරද ශ්‍රී ලංකා මුදලින් ලක්ෂ 43කට ආසන්න දඩයකට යටත් වන බවයි වාර්තා වන්නේ.