ත්‍රිරෝද රථයකින් පැමිණ තරණයෙකු පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට ඔහුගේ පෙම්වතියැයි කියන තරුණිය හා ඇයගේ පියා අගලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (16) පස්වරුවේ මෙසේ පැහැරගෙන ගොස් ඇත්තේ මහගම පොලේගොඩ පදිංචි තරුණයෙකි.
පැහැරගත් තරුණයා දහ අටවන වියේ පසුවන්නෙක් වෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණිය දාහත්වන වියේ පසුවෙයි.
තරුණයා ත්‍රිරෝද රථයක් අලුත්වැඩියාව සඳහා ගොස් සිටියදී මෙලෙස පහරදී පැහැරගෙන ගොස් තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ල ලද වහාම ක්‍රියාත්මක වූ පොලිසිය විසින් තරුණයාව තරුණියගේ නිවසේ සිටියදී සොයාගෙන තිබෙනවා.
තරුණයා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති අතර තරුණියව හා ඇගේ පියාව ඊයේ(17) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.