Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ලබන මස පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට ‌රාජපක්ෂ පවුලෙන් ප්‍රකාශයක්

10 months ago 6.1 K

ලබන මස 14 වැනි දා නියත වශයෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හරින බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග පවසනවා.
ඔහු පවසන්නේ ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණය පැවැත් වීමට ජනාධිපතිවරයා එකඟ වී ඇති බවයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ඇතැම් විට ජූනි 15 වැනිදා හෝ ජූනි 14 වැනිදා රාත්‍රියේ විය හැකි බවයි ඔහු පවසන්නේ.

නමුත් කතානායකවරයා පසුගියදා සඳහන් කළේ කඩිනම් මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

උදයංග වීරතුංග කතානායකවරයාගේ එම ප්‍රකාශය බැහැර කරන අතර ඔහු සඳහන් කරන්නේ මේ වන විටත් පාර්ලිමේන්තුව විසුරවීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගෙන ඇති බවයි.

පෞද්ගලික රූපවාහිනී  නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු බව සඳහන් කර සිටියා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *