ශ්‍රී ලංකාවේ සිට පැමිණ එක්සත් රාජධානියේ සරණාගතභාවය ලබා ගත් එලංගෝ එලවලකන් ඉප්ස්විච් නගරයේ නගරාධිපති තනතුරට පත්වූවේය .
ඉප්ස්විච් නගර සභා වාර්ෂික රැස්වීමේදී පැවැති ඡන්දයේදී ඒකමතිකව එලංගෝ එලවලකන් නගරාධිපති ලෙස තෝරා පත්කරගෙන ඇත.
එලවලකන් මහතා කම්කරු පක්ෂය නියෝජනය කරනු ලබයි. ඉප්ස්විච් නගර සභාවේ ප්‍රධානී නීල් මැක්ඩොනල්ඩ් විසින් නගරාධිපති ධුරය සඳහා එලංගෝ එලවලකන්ගේ නම යෝජනා කරනු ලැබුවේය.නම යෝජනා කරමින් ඔහු පවසා සිටියේ බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමටද නව නගරාධිපතිවරයා සිය ධුර කාලයේදී වාසනාවන්ත වනු ඇති බවය.
යුද්ධයෙන් පැන ආ සරණාගතයෙක් නගරාධිපති ධුරය සඳහා පත්වීම ලොවටම පණිවුඩයක් ලබා දෙනු ඇතැයි එලවලකන් චාරිත්‍රානුකූලව නගරාධිපති ධුරය සඳහා පත් කරමින් නගර සැරයන් ඇන්ඩෲ බීල් ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව අතරහැර එක්සත් රාජධානියට පැමිණීමට ප්‍රථම එලංගෝ එලවලකන් ඉන්දියාවේ , උගන්ඩාවේ සහ රුවන්ඩාවේ සේවය කර ඇත.ඔහු 2006 වසරේදී ඉප්ස්විච් නගරයේ පදිංචියට පැමිණ තිබිණි.