Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජූනි මාසයේ සිට පාසල් සිසුන්ට යළි ‘සුරක්ෂා’! රෝහල්ගතවීමකදී දෛනිකව රුපියල් 2500ක දීමනාවක් ඇතුළු ප්‍රතිලාභ රැසක්!

12 months ago 1.9 K

ආරථික ගැටළුකාරී තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවන ලද සුරක්ෂා සිසු රක්ෂණාවරණය යලි ආරම්භ කිරීමට ජනාධිපති රණිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව දිවයින පුරා සියළුම පාසල් සිසුන්ට මෙම රක්ෂණාවරණය යටතේ ප්‍රථිලා ලබා ගැනීමේ හැකියාව ජුනි මස මුල් සතියේ සිට උදාවන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

මේ සඳහා ජනාධිපතිවරයා හා අධ්‍යාපන අමාත්‍යවරයා එක්ව ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි තිබෙනවා.

ඒ අනුව ලක්ෂ 45කට ආසන්න මෙරට රජයේ පාසල්, රජයේ අනුමත පෞද්ගලික පාසල් හා පිරිවෙන්හි ඉගෙනුම ලබන 1 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා ශ්‍රේණිවල වයස අවුරුදු 5ත් 21ත් අතර සිසුන් සහ උපකෘත විශේෂ පාසල්වල ඉගෙනුම ලබන අවුරුදු 4ත් 21ත් අතර වයස සීමාවේ පසුවන සිසුන් සඳහා සෞඛ්‍ය රක්ෂණාවරණය සහ අනතුරු රක්ෂණාවරණය යටතේ වූ සියලු ප්‍රතිලාභ ලබාදීමට යෝජනා වී තිබේ.

මෙම වැඩසටහන යටතේ සියලුම සිසුන්ට ලබා දීමට අපේක්ෂිත ප්‍රතිලාභ මෙසේය.

🔴 සෞඛ්‍ය රක්ෂණාවරණය  නේවාසික ප්‍රතිකාර ප්‍රතිලාභ – රු. 300,000/= දක්වා (රජයේ/පෞද්ගලික රෝහල්වල)

මෙහිදී දරුවා ප්‍රතිකාර ලබා ගැනිම සඳහා රජයේ රෝහලක නතර වී ගතකරනු ලබන එක් රාත්‍රියක් සඳහා රු.2500/= බැගින් ද (රජයේ රෝහලකට ඇතුළත් වූවද මෙහිදී එක් රාත්‍රියක් සඳහා රු.2500/=ක මුදලක් ලබාදීම සිදු කරනුයේ දරුවෙකු අසනීප වූ විට සාමන්‍ය පවුලක දෙමාපියන්ට රැකියාවේ නිරතවීම සම්බන්ධයෙන් මතුවන අපහසුතා හේතුවෙනි.)

පෞද්ගලික රෝහලක නතර වී ගතකරනු ලබන එක් රාත්‍රියක් සඳහා රු7500/= බැගින් ද ප්‍රතිලාභ හිමි වේ.

🔴 බාහිර ප්‍රතිකාර ප්‍රතිලාභ – රු. 20,000/= දක්වා මෙම කාණ්ඩය යටතේ පෙර පැවති අක්ෂි දෝෂ සඳහා ඇස් කණ්නාඩි සඳහා ප්‍රතිලාභ ගෙවීමට අමතරව ශ්‍රවණාබාධ සඳහා ශ්‍රවණාධාර උපකරණ සඳහා ද ප්‍රතිලාභ ගෙවීම ඇතුළත් කර ඇත.

එමෙන්ම දරුවන්ගේ අසනීප තත්ත්වයකදී බාහිර රෝහල් මඟින් සිදු කරනු ලබන රසායනාගාර පරීක්ෂණ ගාස්තු ද මෙම කාණ්ඩයේ ප්‍රතිලාභ යටතේ ආවරණය වේ.

🔴 බරපතල රෝගාබාධ සඳහා ප්‍රතිලාභ – රු. 200,000/= සිට රු. 1,500,000/= දක්වා 2. අනතුරු රක්ෂණාවරණය

🔴 පූර්ණ සදාකාලික අකර්මණ්‍යතා සඳහා – රු.200,000/=

🔴 සදාකාලික අර්ධ අකර්මණ්‍යතා සඳහා – රු. 150,000/= සිට රු. 200,000/= දක්වා 

🔴 තාවකාලික අකර්මණ්‍යතා සඳහා – රු.25,000/= සිට රු.100,000/= දක්වා 3. ජීවිත රක්ෂණාවරණය 

🔴 දෙමාපියන්ගේ මරණයකදී අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන්ගේ දෙමව්පියන්ගෙන් එක් අයෙකු වෙනුවෙන් එක් සිසුවෙකු සඳහා රු.75,000/= ක් දෙමාපියන් දෙදෙනාම ආවරණය වන පරිදි ප්‍රතිලාභ හිමිවේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *