Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

යකදුරුට බැණවැදුනු තරහට ශාන්තිකර්මයක් කරගත් කාන්තාවක් ඝාතනය කරයි

9 months ago 4.7 K

යකදුරෙකු විසින් ආරක්ෂාව සඳහා පැළඳූ සුරයකින් කිසිඳු සෙතක් නොවීම නිසා ඔහුට බැන වැදුණු කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.

ඒ අදාළ යකදුරාගේ ආධාර අනුබල යටතේ ඔහුගේ ගෝලයා විසින් බවයි වාර්තා වන්නේ.

චන්ද්‍රිකා පෙරේරා, ඇහැලියගොඩ, ඇරෑපොළ ප්‍රදේශයේ පදිංචිව සිටි 57 හැවිරිදි දෙදරු මවක්.

පසුගිය කාලය පුරාම ආර්ථික ගැටලු රැසකට මුහුණ දීමට සිදුවූ ඇය ඊට පිළියම් ලෙස නිරන්තරයෙන්ම ශාන්තිකර්ම සිදුකළ අතර තම පවුලට හිස එසවිය නොහැකි වන තරමටම කිසිවකු සිය පවුලට හූනියමක් සිදුකර ඇතැයි යන විශ්වාසයේ එල්බ තිබුණා.

ඇය පසුගිය කාලය පුරාම කිරිඇල්ල ප්‍රදේශයේ යකදුරෙකු හමුවට ගොස් තිබෙන්නේ එම හූනියම ඉවත් කර ආරක්ෂාවක් කර ගැනීම සඳහායි.රුපියල් ලක්ෂයකට වැඩි මුදලක් වැය කරමින් ඇය එම හූනියමක් ඉවත් කරගැනීමට උත්සාහ කළ අතර, යකදුරා විසින් ඇයට රන් සුරයක් ද පළඳවා තිබෙනවා.

මේ අතර එම කාන්තාව පසුගිය අප්‍රේල් 24 වැනිදා උදෑසන නිවසෙන් පිටව ගිය පසු ඇය ගැන කිසිදු තොරතුරක් නොමැති නිසා ඇගේ පුතු විසින් ඇහැලියගොඩ පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබුණේ තම මව අතුරුදන් වී ඇති බවට සඳහන් කරමින්.

ඒ අනුව විමර්ශන ඇරැඹූ ඇහැළියගොඩ පොලීසිය චන්ද්‍රිකාගේ ජංගම දුරකථන අංකය ඔස්සේ දුරකථන විශ්ලේෂණ වාර්තාවක් ලබාගෙන තිබුණා.

පොලීසියට එහිදී සුවිශේෂි දුරකථන අංකයක් නිරීක්ෂණය වූ අතර, අප්‍රේල් 24 වනදා උදෑසන ඇයගේ දුරකථනයට අදාළ අංකයෙන් ඇමතුම් ගණනාවක් ලැබී තිබු අතර ඇය ද එම අංකයට ඇමතුම් ලබාගෙන තිබූ බවට පොලීසියට නිරීක්ෂණය වී තිබෙනවා.

එම දුරකථන අංකයේ හිමිකරු කිරිඇල්ල ප්‍රදේශයේ පදිංචි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින පුද්ගලයකු බව සොයාගත් ඇහැලියගොඩ පොලීසිය වැඩිදුර තොරතුරු සොයා යෑමේදී අනාවරණය වූයේ, එම පුද්ගලයා රන් සුරයක් රන් භාණ්ඩ මිලදීගන්නා ස්ථානයකට විකුණා ඇති බවයි.

පොලීසිය එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අදාළ සුරය අතුරුදන් කාන්තාවගේ බවත් ඔහු අදාළ කාන්තාව කිරිඇල්ලට ගෙන්වාගෙන ඝාතනය කළ බවත් තමා යකදුරාගේ ගෝලයකු බවට අනාවරණය වී තිබෙනවා.

සැකකරු වැඩිදුරටත් පවසා ඇත්තේ, හූනියම ඉවත් කර ගැනීමට කාන්තාවට දැමූ සුරයෙන් පළක් නොවූ බවට අවස්ථා කිහිපයකදී අදාළ යකදුරාට දුරකථනය මගින් කතා කර බැණ වැදුණු බවයි.

“ගුරුන්නාන්සේ කොඩිවිනය ශක්තිමත් කරලා ආපහු සුරයක් හදලා දෙන්නම් කිව්වා… කිරිඇල්ලට එන” ලෙස සැකකරු අදාළ කාන්තාවට පවසා තිබෙනවා.

පසුව එම කාන්තාව අප්‍රේල් 24 වනදා උදෑසනම ඇහැලියගොඩ සිට කිරිඇල්ලට පැමිණ ඇති අතර යකදුරා එහිදී සිය ගෝලයාට පවසා ඇත්තේ, ‘‘මේ ගෑනිගෙන් හරි කරදරයක් තියෙන්නේ, මොනව හරි කරපං’’ යනුවෙනි.

ඒ අනුව, අදාළ පුද්ගලයා විසින් කෙටි මාර්ගයක් ඇති බව කාන්තාවට පවසා කැලෑබද ප්‍රදේශයකට ගෙන ගොස් ඝාතනය කර ඇති බව පොලීසිය සඳහන් කළා.

ගෙල සිරකර ඇය ඝාතනය කළ පසු ඔහු ඇය පැළැඳ සිටි රන් සුරය ද රැගෙන, මළසිරුර කැලයේම අතු ගොඩක් යට සඟවා පළාගොස් තිබෙන අතර පසුව පොලීසිය පසුගියදා අදාළ ස්ථානයේ තිබී මළසිරුර සොයාගත් අතර ඒ වන විටත් මළසිරුර දැඩි ලෙස විනාශ වී තිබුණේ සතුන් හානි කිරීම හේතුවෙන්.

ඇයගේ පුත්‍රයා විසින් මළසිරුර හඳුනාගැනීම ද මෙහිදී සිදුකෙරුණු අතර අනතුරුව පොලීසිය විසින් අදාළ යකදුරාව ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. (prime news)

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *