ඇපල් සමාගම සිය ඉදිරි නිෂ්පාදන පෙළ AI තාක්ෂණය යොදාගනිමින් එළිදැක්වීමට තීරණය කර තිබෙනවා.
මේ බව ඊයේ පැවති ඇපල් සමාගමේ වාර්ෂික සංවර්ධකයන්ගේ සමුළුවේදී (Developers Conferance) මුල්වරට නිවේදනය කරනු ලැබුවා.
මෙම තීරණය ගෙන තිබෙන්නේ iphone අලවියේ වර්ධනයක් අපේක්ෂා කරමින්.
ඒ අනුව ලොව පුරා ජනප්‍රිය Chat GPT කෘත්‍රිම බුද්ධි යෙදුම අයිෆෝන්වලට අන්තර්ගත කරන බව ඇපල් සමාගම නිවේදනය කළේය.
එම යෙදුම iphone සඳහා අන්තර්ගත කිරීම මෙම වසර අග දී සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම හඬ මගින් අන්තර්ක්‍රියා කළ හැකි “සිරි” (Siri) යෙදුම මගින් ඇපල් දුරකථනවලට කෙටි පණිඩුව, ඊමේල් සහ තුන්වැනි පාර්ශ්වයක යෙදුම්වලටද ප්‍රතිචාර දැක්විය හැකි බව සඳහන්.