ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් සැකසීමට පත්කළ “විනිසුරු චිත්‍රසිරි කමිටු” වාර්තාව අද (15) ජනාධිපතිවරයාට භාර දුන්නේය.
එමගින් නිර්දේශ කර ඇත්තේ, ක්‍රිකට් සභාපතිවරයා තෝරාගැනීම ක්‍රීඩා සංගම් ඡන්දයෙන් සිදුනොකළ යුතු බවයි.
එමෙන්ම, 18 දෙනකුගෙන් සමන්විත ක්‍රිකට් නිලධාරී මණ්ඩලයට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාවේ නිරත වූ ක්‍රීඩකයින් පස්දෙනෙකු ඇතුළු විය යුතු බවද විනිසුරු චිත්‍රසිරි කමිටු වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ය.
එමෙන්ම ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කර දේශපාලන හා විවිධ අතපෙවීම්වලින් තොරව ක්‍රිකට් ආයතනයේ කටයුතු කරගෙන යාමට විනිසුරු චිත්‍රසිරි කමිටුව තවත් නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර තිබේ.
එහි තවත් නිර්දේශයක් වන්නේ, 18 දෙනෙකුගෙන් සමන්විත ක්‍රිකට් නිලධාරී මණ්ඩලයට සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් පත්කිරීම ක්‍රීඩා සංගම් ඡන්දයකින් තොරව සිදුවිය යුතු බවයි.
මෙම 18 දෙනාගෙන් 9 දෙනෙකු පත්කිරීමේ බලය සුවිශේෂී පුද්ගලයින් 4 දෙනෙකුට හිමිවෙයි.
ඒ, ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති, වරලත් ගණකාධිකාරී ආයතනයේ සභාපති සහ තවත් පුද්ගලයෙකි.
ඔවුන් විසින් පත්කරන ක්‍රිකට් නිලධාරී මණ්ඩලයේ 9 දෙනාගෙන් 5 දෙනෙකු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාකළ අය විය යුතු වන අතර සෙසු 4 දෙනා විවිධ ක්ෂේත්‍රවල පුද්ගලයින් විය යුතු බව එම නිර්දේශ වල සඳහන් ය.
එම සාමාජිකයින් 9 දෙනා එලෙස තේරී පත්වෙද්දී අනෙක් 9 දෙනා තෝරාගැනීමේ බලය ක්‍රිකට් ක්‍රීඩා සමාජ වෙත ලබාදීමට නියමිත බවයි සඳහන් වන්නේ.
මෙම විද්වත් කමිටුව ස්ථාපිත කෙරුණේ ඉකුත් පෙබරවාරි 13 වනදා පැවති කැබිනට් රැස්වීමේදී ගත් තීරණයකට අනුවය.