සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කාන්තාවන් හා ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම අතර පලමු එක්දින තරගයෙන් කඩුලු 6ක ජයක් ලබා ගැනීමට චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.
තරගය පැවැත් වුණේ හම්බන්තොට ක්‍රීඩාංගණයේදී ය.
පළමුව පන්දුවට පහර දුන් කොදෙව්වන් පන්දුවාර 47ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 195ක් ලබා ගත්තේය.
කොදෙව් කණ්ඩායමේ වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කළ Hayley Matthews ලකුණු 38ක් රැස්කළාය.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සුගන්දිකා කුමාරි සහ කවිෂා දිල්හාරි කඩුලු 03 බැගින් දවා ගැනීමට සමත් විය.
ලකුණු 196ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 34යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 4ක් දැවී ජග්‍රහණය වාර්තා කළේය.
