ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායක වනිඳු හසරංග සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගයක් උපුටා දක්වමිනුයි, Ziradaily.com පුවත් අඩවිය මේ බව සඳහන් කළේ.
ඒ අනුව එම කණ්ඩායමේ නායකත්වය ද කුසල් මෙන්ඩිස් හට ලබා දීමට නියමිත බව සඳහන්.
ලබන ජූලි මාසයේ දී ඉන්දියාව සමඟ පැවැත්වෙන තරගාවලියේ දී අදාළ වෙනස්කම සිදු කෙරෙනු ඇති.
මෙම තරග සඳහා දෙවන පෙළ කණ්ඩායමක් සහභාගී කරවීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
එමෙන් ම ජ්‍යෙෂ්ඨ රෝහිත් ශර්මා සහ විරාත් කෝලි එක්වීම අවිනිශ්ත බව ද සඳහන්.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් සිය තනතුරේ තවදුරටත් රැඳී නොසිටිනු ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.
ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයෙන් ඉවත් වීමත් සමඟ ඔහුගේ කොන්ත්‍රාත්තුව දීර්ඝ නොවනු ඇති බව සඳහන්.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් අන්තර්ජාතික සහ දේශීය ව්‍යුහයේ ප්‍රධාන වගකීම සනත් ජයසූරිය වෙත භාර දීමට නියමිතව තිබෙනවා.