Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මාංශ පේශි දිය කර පැය 48ක් ඇතුළත මරණය කැඳවන මාරාන්තික බැක්ටීරියා ආසාදනයක් රටවල් 2කින් හමුවෙයි

8 months ago 5.3 K

ශරීරයේ මාංශ පේශි දියකරමින් මරණයට පවා පත් කළ හැකි streptococcal toxic shock Syndrome නම් බැක්ටීරියාවක් ජපානය තුළ ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතිනවා.

මෙම රෝගයේ රෝග ලක්ෂණ වන්නේ උගුර තුවාල වීම, අවයව ක්‍රියාකරිත්වය අඩපණ වීම, සිරුර ඉදීමිම, අතපය වේදනාව, අඩු රුධිර පීඩනය බවයි සඳහන් වන්නේ.

වසරේ මේ දක්වා කාලය තුළ මෙම බැක්ටීරියාව ආසාදනය වූ 1,000කට ආසන්න සංඛ්‍යාවක් ජපානයෙන් වාර්තා වී ඇත්තේ.

ඒ අනුව, මෙම වසර අවසානය වන විට එම සංඛ්‍යාව 2,500 සීමාව ඉක්මවනු ඇති බව ජපාන සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර තිබෙනවා.

මෙම බැක්ටීරියා ආසාදනය ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ කිහිපයකින් ද වාර්තා වී තිබීමත් විශේෂත්වයක්.

මෙය දරුණු ලෙස ආසාදනය වුවහොත් පැය 48ක් තුළ මරණයට පත්විය හැකි බවද සඳහන් වෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *