Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ලෝටස් පාර අවහිර වෙයි

8 months ago 2.5 K

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ විරෝධතාවයක් හේතුවෙන් මේ වනවිට ලෝටස් පාර අවහිර වී තිබේ.

ඒ හේතුවෙන් අදාළ මාර්ගයේ එක් මං තීරුවකින් පමණක් වාහන ධාවනය සිදුකෙරෙන බව අප වාර්තාකරු පැවසීය.

විශ්වවිද්‍යාල අනධ්‍යයන වෘත්තිය සමිති වෘත්තිය ක්‍රියාමාර්ගයක් පටන් ගෙන අදට දින 45 වැඩි කාලයක් ගතව තිබුණ ද බලධාරීන්ගෙන් නිසි පිළිතුරක් නොමැති පසුබිමක සියලු විශ්වවිද්‍යාල අනධ්‍යයන වෘත්තීය සමිති අද (18) මුදල් අමාත්‍යාංශයට පාගමනක් යෑමට සුදානම් වී තිබේ.

කෙසේ වෙතත් විශ්වවිද්‍යාල අනධ්‍යයන වෘත්තිය සමිති සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති අතර සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *