Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

විදුලි බිල 50%කින් පහතට ?

12 months ago 4.9 K

මෙම වසරේ (2024) දෙවැනි විදුලි ගාස්තු සංශෝධනය ලබන ජූලි මස 15 වැනිදා ප්‍රකාශයට පත්කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා අද (18) පැවසීය.

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව මහජනතාවගේ ලිඛිත අදහස් ලබන ජූලි මස 8 වැනිදා දක්වා භාරගන්නා බවත් වාචික අදහස් විමසීම ජූලි මස 9 වැනිදා පැවැත්වෙන බවත් සභාපතිවරයා සඳහන් කළේය.

මෙම ගාස්තු සංශෝධනයේදී විදුලි ගාස්තු අඩු කිරීමට නියමිත අතර ඒ අනුව එම අඩුවන ප්‍රතිශත ජූලි මස 15 වැනිදා ප්‍රසිද්ධ කිරීමට නියමිතයි.

මේ අතර ජූලි පළමුවනදා සිට ගෘහස්ථ විදුලි බිල සියයට 50කින් පමණ අඩු වීමට නියමිත බව විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා.

කෙසේ වෙතත් එම අඩුවීම කර්මාන්ත ක්ෂේත්‍රය සඳහා සිදු නොවන බවයි ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

අසාමාන්‍ය ලෙස විදුලි බිල අඩු කිරීම මණ්ඩලයට අහිතකර බවත්, විදුලිබල මණ්ඩලයේ පැවැත්ම වෙනුවෙන් සාධාරණ මුදලට විදෙස් ආයෝජන අවශ්‍ය බවයි.

පසුගිය මාස 6 විදුලිබල මණ්ඩලය ලාබ ලැබූ අතර එහි ලාබය ජනතාවට ලබාදිය යුතු බැවින් මෙලෙස විදුලි බිල අඩුකරන බවයි ඔහු පැවසුවේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *