කළුතර, කටුකුරුන්දේ පිහිටි ප්‍රසිද්ධ සංචාරක හෝටලයක් පිටුපස මුහුදු වෙරළට යම් වස්තුවක් පාවී පැමිණ තිබෙනවා.
කළුතර දකුණ පොලීසිය සඳහන් කළේ අදාළ උපාංගය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බවයි.
කළුතර කටුකුරුන්ද විශේෂ කාර්ය බළකා නිලධාරින් විසින් එහි රැඳීසිටි ජනතාව ඉවත්කර එම උපකරණය සුරක්ෂිතව පරීක්ෂණ කටයුතු සඳහා රැගෙන ගොස් තිබෙනවා.
ඉන් යම් ආලෝකයක් නිකුත් කරමින් තිබෙන බවයි වාර්තා වන්නේ.
