රථවාහන සඳහා දුම් සහතික නිකුත් කරන ස්ථානවලදීම වාහනයේ රක්ෂණ සහතිකය සහ ආදායම් බලපත්‍රය ද ලබා ගත හැකි වැඩසටහනක් සකස් කරන බව ප්‍රවාහන රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න පවසනවා.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, වාර්ෂික බලපත්‍ර ලබා ගැනීමේදී වාහන හිමිකරුවන් මුහුණ දෙන අසීරුතා අවම කිරීම සඳහා මෙසේ එකම ස්ථානයකින් සහතික තුනම ලබාගැනීමේ පහසුකම් ඇති කරන බවයි.
ඔහු මේ බව කියා සිටියේ, පදනම් ආයතනයේදී පැවැති රියැදුරු උපදේශකයන් සඳහා බලපත්‍ර ලබාදීමේ උත්සවයට එක්වෙමින්.
![](https://www.todaynewslk.com/wp-content/uploads/2024/06/election-poll-1024x142.png)