Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මෝදි ගන්නා ආසන ගණන හරියටම කියූ සමීක්ෂණ ආයතනය ලංකාවේ වැඩ අරඹයි! රනිල්, සජිත්, අනුර හිමිකර ගත් ඡන්ද ප්‍රතිශත මෙන්න!

7 months ago 16.5 K

පසුගියදා අවසන් වූ ඉන්දීය මැතිවරණයේදී නරේන්ද්‍ර මෝදිගේ ජයග්‍රහණය ගැන ආසන්න වශයෙන් නිවැරදිවම අනාවැකි පළ කළ අන්තර්ජාතික තොරතුරු තාක්ෂණ සමාගමක් විසින් මෙරට සියලුම ජනාධිපති අපේක්ෂකයන් පිළිබඳව පුළුල් මත විමසුමක් ආරම්භ කර තිබේ.

පසුගියදා අවසන් වූ ඉන්දීය මැතිවරණයේදී මෝදී ප්‍රමුඛ කරගත් භාරතීය ජනතා පක්ෂය ඉතා වැඩි පරතරයකින් ජයගන්නා බවට අන් සියලුම සමීක්ෂණ ආයතන පුරෝකථනය කර තිබුණේය.

නමුත් මෙම සමාගම පුරෝකථනය කළේ මෝඩි වැඩි පරතරයකින් ජයග්‍රහණය නොකරන බවත් පෙර මැතිවරණවලට සාපේක්ෂව මෝදි දැවැන්ත පසුබෑමක් ලබන බවයි.

අවසානයේදී මෙම සමාගමේ පුරෝකථනය නිවැරදි විය.

එම ආයතනය විසින් මෙරට පුරවැසියන්ගේද ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ මින් පෙර ට්විටර් ලෙස හැදින්වූ ‘X’  සමාජ මාධ්‍ය ගිණුම් අධ්‍යයනය කරමින් ජනාධිපතිවරණයේදී ජන මතය හැසිරීම පිළිබඳව ඔවුන්ගේ සමීක්ෂණය ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ඒ සඳහා නියැදීන් තෝරා ගැනීමේදී ඔවුන් මෙරට ජනතාවගේ ජන වර්ග අතර අනුපාතය, ආගම් අතර ජන අනුපාත ආදියද සැලකිල්ලට ගන්නා බව වාර්තා වේ.

ඔවුන් ප්‍රතිඵල විශ්ලේෂණය සඳහා AI තාක්ෂණය උපයෝගී කර ගන්නා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔවුන් පසුගිය මාස 3 පුරාවට සමාජ මාධ්‍ය ප්‍රවණතා අධ්‍යයනය කර ඇති අතර දැන් ඔවුන් රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස යන ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් තිදෙනාගේම ප්‍රතිශත මාරුවීම් පිළිබඳව සෑම සති දෙකකට වරක් යාවත්කාලීන කිරීම් ලබා දෙන බව පැවසේ.

ඒ අනුව ඔවුනගේ නවතම වාර්තාවට අනුව අපේක්ෂකයන් තිදෙනාම සියයට 25ටවත් ළඟා වීමට අපොහොසත් වන අතර, අපේක්ෂකයන් තිදෙනා අතර කරටකර සටනක් ඇතැයි කණ්ඩායම පුරෝකථනය කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසනවා.

එම සමීක්ෂණ ප්‍රතිඵලයේ පවත්නා විශේෂත්වය වන්නේ ඡන්දය ලබා දෙන අපේක්ෂකයා පිළිබඳව තවමත් තීරණය නොකළ ඡන්දදායකයන් සියයට 40ට වැඩි ප්‍රමාණයක් සිටීමයි.

තවමත් තීරණයක් නොගත් ඡන්ද දායකයන්ගේ හැසිරීම මත මැතිවරණයේ ජයග්‍රාහකයා තීරණය වනු ඇති බවයි පවසන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *