හොරණ සිට නුවරඑලිය දක්වා එකම පවුලේ පිරිසක් ගමන් ගත් මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදු වී ඇති බව හැටන් පොලිසිය පැවසීය.
මෙම අනතුර අද අලුයම හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් කුයිල්වත්ත ප්‍රදේශයේ දී සිදුව ඇති බව සඳහන්.
ධාවනය වෙමින් තිබූ මෝටර් රථයේ රියදුරාට නින්ද යාම හේතුවෙන් මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන තේ වත්තකට පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව තිබේ.
අනතුරෙන් මෝටර් රථයේ ගමන් ගත් කිසිවෙකුට තුවාල සිදු වී නොමැත.
නමුත්මෝටර් රථයට දැඩි අලාභ හානි සිදු වී ඇති බව හැටන් පොලිසිය පැවසීය.
