Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දැඩි ආන්දෝලනයක් මතු කළ නඩුවෙන් නතාසා එදිරිසූරිය හා බ්‍රෘනෝ දිවාකර නිදහස් කරයි

8 months ago 2.8 K

සිංහල රාවය ඇතුළු සංවිධාන කිහිපයක පැමිණිලි මත සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (ICCRP) යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර කිරීමෙන් අනතුරුව ඇප ලබා සිටි ප්‍රහසන ශිල්පිනියක වන නතාෂා එදිරිසූරිය නිදහස් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කළා.

එසේම එම සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන ඇප පිට සිටින SL Vlog Youtube නාලිකාවේ හිමිකරු වන බෘනෝ දිවාකරද මෙම නඩුවෙන් නිදහස් කර තිබෙනවා.

මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට අවශ්‍ය සාක්ෂි නොමැති බවට නීතිපතිවරයා අධිකරණයට දැනුම්දීමෙන් අනතුරුව ඔවුන්ව නිදහස් කිරීමට අධිකරණය නියෝග කළා.

නතා‍ෂා එදිරිසූරිය විසින් කළ හාස්‍යමය ඉදිරිපත් කිරීමක් මත ඇයව අත්අඩංගුවට ගත් අතර එම වැඩසටහන සංවිධානය කළ බව චෝදනා කරමින් SL Vlog Youtube නාලිකාවේ හිමිකරු වන බෲනෝ දිවාකර මහතාවද අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.

එම සිදුවීම සමාජය තුළ දැඩි ආන්දෝලනයක් මතු කිරීමට සමත් විය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *