Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජනප්‍රිය රංගන ශිල්පිනි පියුමි හංසමාලිගේ කෝටි ගණනක වත්කම් ගැන අධිකරණයෙන් නියෝගයක්

11 months ago 9.2 K

සැක සහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපළ උපයා ගත් බව කියන නිරූපිකාවක් වන පියුමි හංසමාලී මෙරට ප්‍රධාන පෙළේ බැංකු 08 පවත්වාගෙන යන ගිණුම් 19ක වාර්තා කැඳවීමට මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අද රහස් පොලිසියට අවසර ලබා දුන්නේය.


රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ මගින් උපයා ගන්නා වත්කම් විමර්ශන ඒකකය කළ ඉල්ලීමක් අනුව බැංකු වාර්තා කැඳවීමට මෙම නියෝගය ලබා දුන්නා.

‘මගෙන් රටට’ සංවිධානයේ සභාපති සංජය මහවත්ත කළ පැමිණිල්ලක් අනුව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරුණා සහ උප පොලිස් පරීක්ෂක තරංග ලක්මාල් අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

කොළඹ හිල්ටන් රෙසිඩන්ට් හි පදිංචි පියුමි හංසමාලි රුපියල් ලක්ෂ අටසීයකට රේන්ජ් රෝවර් වර්ගයේ රථයක් මිලදී ගැනීම, කොළඹ හත නිවාස සංකීර්ණයකින් රුපියල් මිලියන 148ක නිවසක් මිලදී ගැනීම, කෙටි කාලයක් තුළදී ප්‍රධාන බැංකු අටක පවත්වාගෙන යන බැංකු ගිණුම් 19 හරහා කෝටි ගණනක් මුදල් තැන්පත් කිරීම ඇතුළු සැක සහිත ලෙස දේපළ උපයා ගැනීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කෙරෙනවා. (source – madyawediya)

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *