අද(01) සිට ක්‍රියාත්මක වන පරිදි රජයේ විධායක නිලධාරින්ට ලබා දෙන මාසික විධායක දීමනාව රුපියල් 10,000 කින් ඉහළ නංවා ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව රුපියල් 15,000 ක් වූ ඔවුන්ගේ දීමනාව රුපියල් 25,000 ක් දක්වා ඉහළ යනු ඇති අතර ඊට අදාළ චක්‍රලේඛය ද පසුගියදා නිකුත් කෙරිණි.
කෙසේ වෙතත් රජයේ විධායක නිලධාරින්‍ගේ ඒකාබද්ධ කමිටුවේ විධායක කමිටු සාමාජික සම්පත් දේශප්‍රිය පැවසුවේ එම දීමනාව ඉහළ දැමීම පිළිගත නොහැකි බවයි.
ඔහු සඳහන් කළේ අදාළ දීමනාව එලෙස වැඩි කළද දැනට ගෙවන දීමනා කිහිපයක් ආණ්ඩුව විසින් කප්පාදු කර ඇති බැවින් සෑහීමකට පත් විය හැකි ප්‍රතිචාරයක් තවමත් නොලැබී ඇති බවයි.
ඒ හේතුවෙන් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවලින් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක බවයි.
රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව, රාජ්‍ය ඉංජිනේරු, දේශීය ආදායම්, ගණකාධිකාරී, අධ්‍යාපන පරිපාලන, ක්‍රම සම්පාදන, කාර්මික අධ්‍යාපන, ගුරු අධ්‍යාපනඥ, පශූ වෛද්‍ය, කෘෂිකර්ම, ධීවර, කම්කරු කොමසාරිස්වරුන් ඇතුළු වෘත්තීන් 18 ක විධායක රාජ්‍ය නිලධාරීන් ඇතුළත්ය.
