ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ හතරවන තරගය අද (03) Dambulla Sixers කණ්ඩායම සහ Jaffna Kings කණ්ඩායම අතර පැවැත්වෙන අතර එහි කාසියේ වාසිය දිනා ගැනීමට Jaffna Kings කණ්ඩායම සමත් වුණා.
එහිදී Jaffna Kings කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.
ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Dambulla Sixers කණ්ඩායම පන්දුවාර සියල්ල අවසානයේ කඩුලු 02ක් දැවී ලකුණු 191 ක් ලබා ගැනීමට සමත් වුණා.
එහිදී Kusal Perera නොදැවී ලකුණු 102ක්ද, Nuwanidu Fernando ලකුණු 40ක්ද රැස්කළ අතර Mark Chapman නොදැවී ලකුණු 33 ක් රැස් කළා.
කුසල් ජනිත් සිය ශතකය වාර්තා කලේ පන්දු 51 ක් තුළ වන අතර ඊට හතරේ පහර 10ක් සහ හයේ පහර 5ක් අන්තර්ගත වුණා.
ඔහුගේ ශතකය ක්‍රිකට් වාර්තා පොත් අතරට එක් වූයේ එල්.පී.එල් ඉතිහාසයේ ක්‍රීඩකයෙක් වාර්තා කළ වේගවත්ම ශතකය ලෙසයි.
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ මීට පෙර අදියර වල දී ශතක ලබා ගත් ක්‍රීඩකයන් වන්නේ, අවිශ්ක ප්‍රනාන්දු, බාබර් අසාම්, අන්ඩේ ෆ්ලෙචර් සහ ලෝරි එවන්ස් යන ක්‍රීඩකයන්.



දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
රජයේ තීරණය රිවස් වෙයි
ඔබ නිකමට වත් දැනගෙන හිටියාද? මේ විදියටත් පෙනහළු පිළිකා වැළඳෙන්න පුළුවන් කියලා..
හදිසි දුම්රිය වර්ජනයට නියෝජ්‍ය ඇමතිගෙන් සැර පිළිතුරක්
රටම බලා සිටි පනත් කෙටුම්පතට කථානායක අත්සන් තබයි
රුපියල් 500ක අල්ලසක් ගත් කතකට වැඩ වරදී
අකුරේගොඩ ද්විත්ව ඝාතනය ගැන තවත් තොරතුරු රැසක් හෙළි වෙයි
ඕස්ට්‍රේලියාවේ ලෝක කුසලානයේ ඉදිරි ගමනට වැස්ස හරස් වෙයි! වසර 17කට පසු අවාසනාවන්ත ඉරණමක්!
අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියදුරන් වැඩ වර්ජනයක
IMF ප්‍රධානියා ජනපති හමුවෙයි
Super 8 වටයේ ශ්‍රී ලංකාව මුහුණදෙන ප්‍රථම තරගය පැවැත්වෙන දිනය හා වේලාව මෙන්න
කොකේන් මත්ද්‍රව්‍ය එක්ක ජනප්‍රිය රංගන ශිල්පියෙකු අත්අඩංගුවට