ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ හතරවන තරගය අද (03) Dambulla Sixers කණ්ඩායම සහ Jaffna Kings කණ්ඩායම අතර පැවැත්වෙන අතර එහි කාසියේ වාසිය දිනා ගැනීමට Jaffna Kings කණ්ඩායම සමත් වුණා.
එහිදී Jaffna Kings කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.
ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Dambulla Sixers කණ්ඩායම පන්දුවාර සියල්ල අවසානයේ කඩුලු 02ක් දැවී ලකුණු 191 ක් ලබා ගැනීමට සමත් වුණා.
එහිදී Kusal Perera නොදැවී ලකුණු 102ක්ද, Nuwanidu Fernando ලකුණු 40ක්ද රැස්කළ අතර Mark Chapman නොදැවී ලකුණු 33 ක් රැස් කළා.
කුසල් ජනිත් සිය ශතකය වාර්තා කලේ පන්දු 51 ක් තුළ වන අතර ඊට හතරේ පහර 10ක් සහ හයේ පහර 5ක් අන්තර්ගත වුණා.
ඔහුගේ ශතකය ක්‍රිකට් වාර්තා පොත් අතරට එක් වූයේ එල්.පී.එල් ඉතිහාසයේ ක්‍රීඩකයෙක් වාර්තා කළ වේගවත්ම ශතකය ලෙසයි.
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ මීට පෙර අදියර වල දී ශතක ලබා ගත් ක්‍රීඩකයන් වන්නේ, අවිශ්ක ප්‍රනාන්දු, බාබර් අසාම්, අන්ඩේ ෆ්ලෙචර් සහ ලෝරි එවන්ස් යන ක්‍රීඩකයන්.
